පරිපාලන ව්‍යුහය

අංශ

  1. ආයතන අංශය
  2. ඉඩම් අංශය
  3. සංවර්ධන අංශය
  4. ගිණුම් අංශය

1. ආයතන අංශය

උසස්වීම් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරිම

  1. පත්වීම් ස්ථීර කිරීම අවශ්‍ය කටයුතු සිදු කිරිම.
  2. මුදා හැරීම අවශ්‍ය කටයුතු සිදු කිරිම.
  3. විශ්‍රාම ගැන්වීම අවශ්‍ය කටයුතු සිදු කිරිම.
  4. දෙපාර්තමේන්තුවට අදාල විනය කටයුතු.
  5. මානව සම්පත් සංවර්ධනය සම්බන්ධ කටයුතු.
  6. ආයතනික හා පරිපාලන කටයුතු සම්බන්ධීකරණය.

2. ඉඩම් අංශය

  1. ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීම හා අවසන් තේරීම් ලැයිස්තුව අනුමත කිරීම.
  2. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රජයේ ප්‍රතිපත්ති අනුව නියමානුකූල කල හැකි ඉඩම්වලට පනතේ 20 (ආ) වගන්තිය යටතේ විවිධිමත් අනුමැතිය ලබාදීම.
  3. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර ඊ - මේල් මඟින් එවනු ලබන දීමනා පත්‍ර පරික්ෂාකර ඉඩම් කොමසාරිස් ජනරාල්  වෙත යැවීමට කටයුතු කිරිම.
  4. දීර්ඝ කාලින බදු පදනම මත රජයේ ඉඩම් ලබා දීම (නේවාසික/ව්‍යාපාරික/කෘෂිකාර්මික) හා පසු කටයුතු කිරිම.
  5. රජයේ ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිම.
  6. රජයේ ඉඩම් සම්බන්ධයෙන් ජංගම  සේවා හා වෙනත් සේවාවන් සඳහා සහභාගී වීම හා මහජනතාවගේ ඉඩම් ගැටළු සහ ආරවුල් විසදිම.
  7. නඩු සම්බන්ධව පෙනී සිටීම.

3. සංවර්ධන අංශය

  1. දෙපාර්තමේන්තුවේ වාර්ෂික සැලසුම්, ඉලක්ක වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරිම.
  2. ආදායම් රැස්කිරීම්, හිඟ ආදායම් රැස්කිරිම් තොරතුරු වාර්තා තබා ගැනිම.
  3. ඒක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු අධීක්ෂණය මෙහෙයවීම හා පසුවිපරම.
  4. විවිධ පාර්ශව සමඟ රැස්වීම් පැවැත්විම, මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම්, පැවැත්වීම.
  5. දෙපාර්තමේන්තු පාලන වාර්තා සකස් කිරිම.
  6. ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  7. දෙපාර්තමේන්තු වෙබ් පිටුව යාවත්කාලීන කිරිම.

4. ගිණුම් අංශය

  1. වාර්ෂික අයවැය ලේඛණය මගින් දෙපාර්තමේන්තුවට වෙන්කරනු ලබන ප්‍රතිපාදන විධිමත් පරිදි පාලනය.
  2. ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් පිළිබදව කටයුතු කිරීම.
  3. ගෙවීම් කටයුතු.
  4. ප්‍රසම්පාදන කටයුතු.
  5. ගිණුම් කාරක සභාවලට අදාළ වාර්තා සැකසීම හා කරුණු ඉදිරිපත් කිරීම.
  6. විගණන වාර්තාවලට පිළිතුරු සැපයීම.
  7. ගිණුම් වාර්තා සකස් කිරීම.
  8. ගබඩාකරණය සහ භාණ්ඩ සමීක්ෂණ කටයුතු.

5. ලේඛනාගාරය

  1. වැඩ අවසන් වූ ඉඩම් විෂය සම්බන්ධ ලිපිගොනු, වැඩ අවසන් වූ ගිණුම් ලිපිගොනු, භාරගෙන ක්‍රමවත්ව, විධිමත්ව,සුරක්ෂිතව ගබඩා කර තබා ගැනිම හා අවශ්‍ය වූ විට ලිපිගොනු නිකුත් කිරිම.
  2. වැඩ අවසන් වූ ගිණුම් ලිපිගොනු, වවුචරපත්, ලෙජර්, මුදල් පොත්, වැටුප් ලේඛන, චෙක්පත් කොටස් ආදිය භාරගෙන විධිමත්ව ගබඩා කර අවශ්‍ය වූ විට ලිපිගොනු නිකුත් කිරිම.
  3. වැඩ අවසන් වූ ආයතන අංශයේ පැමිණිමේ ලේඛණ, පෞද්ගලික ලිපිගොනු නිවාඩු ලේඛන, ආදිය භාරගෙන විධිමත්ව ගබඩා කර අවශ්‍ය වූ විට ලිපිගොනු නිකුත් කිරිම.
  4. ලේඛනාගාරය වෙත ලැබෙන මධ්‍යම පළාත තුළ පිළියෙල කරන නව පිඹුරු විධිමත්ව ලේඛන ගත කර සංරක්ෂණය කර ගබඩා කිරිම හා අවශ්‍ය වු විට විධිමත්ව නිකුත් කිරිම.
    නව පිඹුරු තොරතුරු පැරණි පිඹුරුවල් සටහන් කිරිම.
  5. L96 පිඹුරු විස්තර සැපයිම.
  6. දෙපාර්තමේන්තු මිනින්දොරුවන් වෙත මැණුම් කටයුතු සදහා පිඹුරුපත් නිකුත් කිරිම හා භාර ගැනීම.
  7. දෙපාර්තමේන්තු මිනින්දොරුවන් වෙත මැණුම් ඉල්ලිම් නිකුත් කිරිම.
  8. ඉඩම් සම්බන්ධ අදාල ගැසට් නිවේදන ගොනු කර තැබීම.

Related Articles

ප්‍රධාන අමාත්‍යාංශය

Chief Ministry මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

EB Whatsapp Chat

අපගේ ලිපිනය

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව